News Line| Off Air
Generic placeholder image

Mar
19

ඡන්ද ප‍්‍රතිඵල අහන්න වගේ ගෙවල් දෙක තුනකට එකතු වෙන්න එපා

641 Views


ඡන්ද ප‍්‍රතිඵල අහන්න වගේ ගෙවල් දෙක තුනකට එකතු වෙන්න එපා

ඊයේ දිනයේ පුත්තලම ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය කි‍්‍රයාත්මක කළ අතර එහිදී මහජනතාව පාරට නොපැමිණියද නිවෙස් කිහිපයක අය එක නිවෙසකට පැමිණ සාද පවත්වන බව එම ප‍්‍රදේශ වල පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් දැනගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ කොරෝනා වෛරසය වැළැක්වීමේ අරමුණෙන් වන අතර එහිදී මිනිසුන් එක්ව කටයුතු කිරීමට නොව හුදෙකලා වීමට අවශ්‍ය බව ඒ මහතා පැවසුවා.

එබැවින් එවැනි කි‍්‍රයා වල නිරත නොවී තම පවුලේ සාමාජිකයින් පමණක් නිවෙස් තුළ සිටීමට කටයුතු කළ යුතු බව කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post