News Line| Off Air
Generic placeholder image

Mar
19

සියලුම රාජ්‍ය සේවකයින්ගේ මාර්තු වැටුප ලබන 23 වනදාට

642 Views


සියලුම රාජ්‍ය සේවකයින්ගේ මාර්තු වැටුප ලබන 23 වනදාට

සියලුම රාජ්‍ය සේවකයින්ගේ මාර්තු මස වැටුප ලබන 23 වනදා ලබාදීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතාට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළු සියලුම රජයේ සේවකයින් සඳහා මේ මස වැටුප ලබන 23 වනදා ගෙවිමට අදාල කටයුතු මුදල් අමාත්‍යාංශය විසින් සිදු කිරිමට නියමිතයි.

නව කොරෝනා වෛරසය රට තුළ පැතිරයාම වැලැක්විමේදී රට වෙනුවෙන් ඉටුවිය යුතු කාර්යභාරය මැනවින් ඉටු කිරිම සඳහා සෞඛ්‍ය අංශය ඇතුළු රජයේ සේවකයින් දැඩි කැපවීමකින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post