අද(19) දහවල් 12.00 සිට නාම යෝජනා භාර ගැනීම අවසන් වීමෙන් පසු පස්වරු 01.30 දක්වා කාලය තුළ විරෝධතා ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබාදී තිබුණා.
එම විරෝධතා සලකා බැලීමෙන් පසු විවිධ පක්ෂවලින් ඉදිරිපත් කළ නාමයෝජනා දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතික්ෂේප වී තිබෙනවා.
ඒ අනුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අපේ ජනබල පක්ෂය විසින් කොළඹ, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇති බව සදහන්.
එහිදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඇතුළු කණ්ඩායමට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු කණ්ඩායමට නාමයෝජනා අහිමි වුණා.