News Line| Off Air
Generic placeholder image

Mar
20

( Update )ඉන්දියාවේ බස්රථයක් තුල සමූහ දූෂණයට කර ඝාතනයට ලක්වූ සිසුවියගේ සැකකරුවන්ට මරණ දඩුවම

1148 Views


( Update )ඉන්දියාවේ බස්රථයක් තුල සමූහ දූෂණයට කර ඝාතනයට ලක්වූ සිසුවියගේ සැකකරුවන්ට මරණ දඩුවම

2012 වසරේදී ඉන්දියාවේ නිර්භයා වෛද්‍ය සිසුවිය සමූහ දූෂණය කිරීමේ සිද්ධියේ වරදකරුවන් හතර දෙනා එල්ලා මරා දමා තිබේ.

ඒ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී එම වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක්කර කුරිරු වධහිංසා පමුණුවා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් කරමිනි.

විදෙස් වාර්තා අනාවරණ කළේ, නවදිල්ලියේ පිහිටි තිහාර් බන්ධනාගාරයේදී ඔවුන් එල්ලා මරා දමා ඇති බවයි.

එලෙස එල්ලා මරා දැමුණේ 32 හැවිරිදි මුකේෂ් සිං ,25 හැවිරිදි පවන් ගුප්තා ,26 හැවිරිදි විනේ ශර්මා සහ 31 හැවිරිදි අක්ෂේ කුමාර් සිං යන පුද්ගලයන් ය.

මෙම තීන්දුව ක්‍රියාත්මක කරමින් සොලිසිටර් ජෙනරාල් තුෂාර් මේතා සඳහන් කළේ , මෙය මනුෂ්‍යත්වය, වේදනාවෙන් විලාප නගන තත්ත්වයට පත්කළ අපරාධයක් බවයි.

කුරිරු ලෙස දූෂණයට ලක්ව පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 23 හැවිරිදි සිසුවියගේ මව සඳහන් කළේ, මෙම තීන්දුව, ඉන්දීය අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින විශ්වාසය තහවුරු කිරීමට මෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීමට ද හේතු වනු ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post