News Line| Off Air
Generic placeholder image

Mar
20

කොරෝනා වෛරසයෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව චීනය ඉක්මවා යයි

950 Views


කොරෝනා වෛරසයෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව චීනය ඉක්මවා යයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව චීනයේ මියගිය සංඛ්‍යාව අභිබවා ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ පමණක් ඉතාලියෙන් කොරොනා මරණ 427 ක් වාර්තා වීමත් සමගයි.

ඒ අනුව ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් වාර්තාවූ කොරොනා මරණ සංඛ්‍යාවත් සමග මුළු ගණන 3405 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
චීනයෙන් අද දිනය වන විය වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 3245 කි.ඉතාලියේ කොරොනා වෛරසය ආසාධිතයින් වාර්තා වන්නේ 41035 දෙනෙකු පමණක් වාර්තා වුවද මරණ ගණන චීනයට වඩා ඉහල ගොස් තිබෙනවා. චීනයෙන් වාර්තා වන මුළු කොරොනා වෛරසය අසාදිතයින් සංඛ්‍යාව 81000 කි.

ඉතාලිය මාර්තු මස 12 වැනිදා දක්වා වසා දැමීමට තීරණය කර තිබූ අතර එය මාර්තු 25 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post