News Line| Off Air
Generic placeholder image

Mar
20

අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

944 Views


අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ අඩු කර ‍නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(20) දිනයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කියා සිටියා.

මුළු ලෝකයම කොරෝනා ‍වසංගතයට මුහුණ දී ඇති අතර වසංගතය පැතිරිමට ගත් මොහොතේ සිට දැඩි අවධානයකින් වත්මන් රජය කටයුතු කළ බව මෙහිදී අදහස් දක්වමින් අගමැතිවරයා පැවසුවා.

එමෙන්ම වුහාන්වල සිටි ශ්‍රී ලංකික සිසුන් මෙරටට ගෙන ඒමට හැකි වුයේ දැඩි අවධානය හේතුවෙන් බවත් ලංකාවේ හෝ වෙනත් රටක සිටින ඕනෑම ලාංකිකයෙකුගේ ජීවිතය රැක ගැනීමට කටයුතු කරන බවත්අ ගමැතිවරයා කියා සිටියා.

මොන තරම් බලපතළ වසංගතයක් හෝ දුෂ්කර කාර්යක් වුවත් රජය ක්‍රියාකරනු ලබන්නේ ජනතාවගේ දුෂ්කරතා අවම වන ආකාරයෙන් බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් හා විශ්වවිද්‍යාල නිවාඩු ලබා දුන් බවද සදහන් කළා.

අද වන විට ක්‍රමානුකූලව රට තුළට ‍ගුවන් යානා පැමිණීම සීමා කර ඇති අතර එවැනි තීරණ ගනු ලැබුවේ ලෝක තත්ත්වය ලෙස අවධානයෙන් බවත් පැවසු අගමැතිවරයා ඉදිරියට ද එලෙසම කටයුතු කරන බව ප්‍රකාශ කළා.

මේ මොහොතේ රටටම ඇඳිරි නීතිය පනවා ඇති බවත් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන කාලයේ දී හෝ මෙවැනි තත්ත්වයක් උදා නොවුන බවත් පැවසු අගමැතිවරයා, එසේ සිදු කරනු ලැබුවේ කිහිප දෙනෙකුගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසාවෙන් බවද එහිදී පැවසුවා.

එයින් දුෂ්කරතාවයක් ඇති වන්නේ නම් ඒ ගැන කණගාටු වන බවත්, දෛනික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට රජයට හැකියාව ඇතැයි ද පැවසු අගමැතිවරයා, කලබල විය යුතු නැති බවත්, රජය කිසිවක් ජනතාවට හංගන්නේ නැති බවත් පැවසුවා.

ලෝකයම ඉතා දුෂ්කරතාවයට පත්ව ඇති මොහොතේ කල්පනාකාරීව කටයුතු කරන ලෙසත් වෛද්‍ය උපදෙස් නිවැරදිව පිළිපදින ලෙසත් පැවසු අගමැතිවරයා මෙම විපත්ති මොහොතේ ජාතියක් ලෙස එකට සිටිය යුතු බවද කියා සිටියා.

මීට වඩා අභියෝගය ජය ගත් ජාතියක් ලෙස මෙම විපතින් ගැළවීමට ශක්තිය ඇති බව තමාට විශ්වාස බවද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post