News Line| Off Air
Generic placeholder image

Mar
20

දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 81ක් පිරිමි පුද්ගලයින්

1532 Views


දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 81ක් පිරිමි පුද්ගලයින්

මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසනවා.

වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ආසාදිතයින්ගෙන් සියයට 45යි දශම දෙකක පිරිසක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බවයි.

ආසාදිතයින්ගෙන් සියයට 16යි දශම 7ක් වයස අවුරුදු 31ත් 40ත් අතර පුද්ගලයින් වන බව ද වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා.

මේ අතර ආසාදිතයින් 70 දෙනාගෙන් බහුතරය පිරිමි පුද්ගලයින් බව ද ඒ අනුව ආසාදිතයින්ගෙන් සියයට 81ක් පිරිමි පුද්ගලයින් වන බවද වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post