කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව හැත්තෑ දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ පස්වරුව වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවා.
ඔවුන් අතරින් දෙදෙනෙකු පොළොන්නරුව මහ රෝහලෙන් ද තවත් අයෙකු අනුරාධපුර මහ රෝහලෙන් ද වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යවරිය සදහන් කළා.
එම රෝගීන් තිදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් බව සදහන්.
ඊට අමතරව අයි.ඩි.එච්.රෝහලෙන් කොරෝනා වෛරස ආසාදිතයින් දෙදෙනෙකු ද කොළඹ ජාතික රෝහලෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයෙකු ද ඊයේ පස්වරුව වන විට වාර්තා වූ රෝගීන් අතර වන බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියා.
මේ අතර කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් මේ වන විට ලොවපුරා මරණ 11,383ක් වාර්තා වන අතර ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 75,000 ඉක්මවා ගොස් තිබෙනවා.
වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 4,032ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ගත වු පැය 24ක කාලය තුළ පමණක් එරටින් මරණ 627ක් වාර්තාවී ඇති අතර කොරෝනා වෛරසය හේතුවෙන් කිසියම් රටක එක්දිනක් තුළ සිදුවු වැඩිම මරණ සංඛ්‍යාව මෙය වීම විශේෂත්වයක්.
ඉතාලියේ මියගිය පිරිස අතර වෛද්‍යවරුන් 17 දෙනෙකු ද වනබව වාර්තා වනවා.
එමෙන්ම එරට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අයත් පුද්ගලයින් 3,654දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව සදහන්.
ලොව පුරා රටවල් රැසක මේ වන විට කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ගත වූ පැය 24ක කාලය තුළ අමෙරිකාවෙන් නව ආසාදිතයින් 5,000කට අධික පිරිසක් හදුනාගෙන තිබෙනවා.
අමෙරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 19,393ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව අමෙරිකාවේ ජනගහනයෙන් සියයට 23ක පමණ පිරිසකට බලපැවැත්වෙන පරිදි නිවස තුළ රැදී සිටීමේ නියෝග ප්‍රාන්ත බලධාරීන් විසින් නිකුත් කර තිබෙනවා.
කැලිෆෝනියා, නිව්යෝර්ක් ඇතුළු ප්‍රාන්ත කිහිපයකටම මෙලෙස නියෝග නිකුත් කර ඇති අතර පවතින තත්ත්වය හමුවේ ටෙක්සාස් ප්‍රාන්ත බලධාරීන් එම ප්‍රාන්තයට “මහජන සෞඛ්‍ය ආපදා තත්ත්වයක්” ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන ඇති බව සදහන්.
මෙවැනි ආපදා තත්ත්වයක් එම ප්‍රාන්තය තුළ ප්‍රකාශයට පත්කර ඇත්තේ වසර 100කට පසුව වීම විශේෂත්වයක්.
මේ අතර අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්ගේ කාර්යයමණ්ඩල සේවකයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
කෙසේවෙතත් අදාළ පුද්ගලයා උප ජනාධිපතිවරයා සමග හෝ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සමීප සබදතා පැවැත්වු අයෙකු නොවන බව උප ජනාධිපති පෙන්ස්ගේ ප්‍රකාශකයෙකු සදහන් කළ බව විදෙස් වාර්තා පැවසුවා.
අමෙරිකාවට අමතරව ජර්මනිය, ස්පාඤ්ඤය, ඉරානය, ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය යන රටවලින් ද ගත වු පැය 24ක කාලය තුළ නව ආසාදිතයින් දහස ඉක්මවූ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.