News Line| Off Air
Generic placeholder image

Mar
21

චීනයේ වූහාන් නුවරින් තෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි

1562 Views


චීනයේ වූහාන් නුවරින් තෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් අඛන්ඩව තෙවන දිනටත් නව ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නොමැති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසනවා.

ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 41 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් බව චීන සෞඛ්‍ය කොමිසම පෙන්වා දුන්නා.

පසුගිය වසරේ දෙසැම්බර් මස අගභාගයේ දී චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එරටින් මේ වන විට ආසාදිතයින් 81,008 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3255ක්.

කෙසේවෙතත් පසුගිය බදාදා දිනයේ සිට ඊයේ දිනය දක්වා අඛණ්ඩව දින 03ක් චීනය තුළ වෛරසය දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බව සදහන්.

චීනය තුළ වෛරස ව්‍යාප්තිය ශූන්‍ය වෙමින් පැවතිය ද විදේශයන්හි සිට පැමිණෙන්නන් හරහා එරට තුළ යළිත් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව විදෙස් වාර්තා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post