News Line| Off Air
Generic placeholder image

Mar
21

දඹදිව ගිය තවත් 210 දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණෙයි

690 Views


දඹදිව ගිය තවත් 210 දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණෙයි

දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි වන්දනාකරුවන් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

වන්දනාකරුවන් 210 දෙනෙකු ඊයේ(20) රාත්‍රී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බව සදහන්.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රි ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 196 දරන ගුවන් යානයෙන් එම පිරිස දිවයිනට පැමිණ තිබෙනවා.

මොවුන් සියලු දෙනා යුද හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post