News Line| Off Air
Generic placeholder image

Mar
21

නව කොරෝනා රටවල් 185 ක් බිළිගනී

927 Views


නව කොරෝනා රටවල් 185 ක් බිළිගනී

නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 185ක ව්‍යාප්ත වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව සිම්බාබ්වේ සහ පැපුවා නිව්ගිනියාව ඇතුළු රටවල් හතරක, පළමු කොරෝනා ආසාධිතයන් ගත වූ පැය 24 තුළ වාර්තා වුණා.

මේ අතර දිනක් තුළ වැඩිම නව කොරෝනා වෛරස ආසාදිතයින් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙන්.

චීනයේ වූහාන් නගරයෙන් ඇරඹී ලොව පුරා පැතිරුණු නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 185 ක ව්‍යාප්තව තිබෙනවා.

ලොවපුරා කොරෝනා වෛරස අසාදනයෙන් මියගිය සංඛ්‍යාව 11,398 ක් දක්වා ඉහළගොස් ඇති අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 275,848 කට අධිකයි.

කොරෝනා වෛරස ආසාදනයෙන් මේ වනවිට සුවය ලබා ඇති සංඛ්‍යාව 91,533ක් ලෙස වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post