අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවු වෙඩි තැබීමෙන් තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (21) දින සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරය තුළ රැඳී සිටි රැඳවියන් විසින් සිදුකරන ලද විරෝධතාවයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට යෑමේ දී නොසන්සුන් තත්ත්වයක් හට ගත් බව පොලීසිය සදහන් කළා.
ඒ අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ඉන් මිදී පලා යෑමට උත්සහ කර ඇති අතර එය වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා තිබෙනවා.
වෙඩි තැබීමෙන් රැඳවියන් 5 දෙනෙක් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව එම රැඳවියන් අතරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධිය හේතුවෙන් රැඳවියන් කිසිවෙක් බන්ධානාගාරයෙන් පැන ගොස් නොමැති බව පොලීසිය පවසනවා.
කලහකාරී රැඳවියන් එළියට පැමිණීම වැළැක්වීම සඳහා අනුරාධපුර පොලීසිය, කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇති බව සදහන්.