අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස තුළ නිකුත් කිරීමට නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ මෙරට පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එම ප්‍රතිපල නිකුත් කිරමට අදාල කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන නිසාවෙන් බව විභාග කොමසාරිස් ජනරාල් වරයා වැඩි දුරටත් සදහන් කළා. ඉදිරියේදී ඒ පිලිබදව දැනුම්දෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කලේ.