කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 77 දෙනාගෙන් 48 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම ආසාධිත රෝගීන් 27 දෙනෙකු විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සමග සමීපව ඇසුරු කළ පුද්ගලයන් බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
අනෙක් දෙදෙනාට රෝගය ආසාදනය වූ ආකාරය පිලිබදව කරුණු අධ්‍යයනය කරමින් පවතිනවා.
මෙම රෝගීන් 77 දෙනාගෙන් 69 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.