News Line| Off Air
Generic placeholder image

Mar
22

කොරෝනා දැඩිසත්කාර ඒකකය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ

2041 Views


කොරෝනා  දැඩිසත්කාර ඒකකය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ

මෙරටින් මේ වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 77 ක් වන අතර කොරෝනා බවට සැකපිට රෝගීන් 245 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නැගෙනහිර කොළඹ රෝහල හෙවත් මුල්ලේරියාව රෝහලේ ද මේ වනවිට සම්පූර්ණයෙන්ම කොරෝනා අසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර තිබෙන බවත් කොරෝනා බවට සැකකෙරෙන මාතෘවරුන්ට නේවිල් ප්‍රනාන්දු රෝහල, කොරෝනා සූදානම් කර තිබෙන බව වාර්තා වෙනවා.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දැඩිසත්කාර ඒකකය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post