News Line| Off Air
Generic placeholder image

Mar
22

කුමාර් සංගක්කාරත් ස්වයං නිරෝධායනයට යොමු වෙයි

738 Views


කුමාර් සංගක්කාරත් ස්වයං නිරෝධායනයට යොමු වෙයි

රට වෙනුවෙන් අපි මේ ජාතික යුතුකම ඉටුකළ යුතුමයි – කුමාර් සංගක්කාර

නිරෝධායනයට බිය නොවන ලෙසත් රට මුහුණදී සිටින අවදානම් තත්ත්වයෙන් මුදවා ගැනීමට මෙය ජාතික යුතුකමක්, සමාජ වගකීමක් සේ සළකා කටයුතු කරන ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය සතියේ එංගලන්තයේ සංචාරයක නිරතව දිවයිනට යළි පැමිණි බැවින්, තමන් මේ වනවිට ස්වයං නිරෝධායනයකට ලක්ව සිටින බව කුමාර් සංගක්කාර පවසයි.

එංගලන්තයේ සිට මෙරටට පැමිණි වහාම තමන් පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබා දී ලියාපදිංචි වූ බවත් මේ වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ තමන් ස්වයං නිරෝධායනය වන බව සංගක්කාර සඳහන් කළේය.

මෙම නිරෝධායන කාල සීමාව තුළ පවුලේ සාමාජිකයින්ගේ වෙන්වී තමන් කාලය ගත කරන බව ද කුමාර් සංගක්කාර පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post