පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පාරිභෝගිකයින් සඳහා බිල්පත් ගෙවීමේ දී සහන කාලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන හා සෘජු දුරකථන මෙන්ම කේබල් ටී.වී. සේවා සපයන්නන් උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.
ජනතාවට තොරතුරු බෙදාහැරිම සඳහා සම්බන්ධතා පැවැත්වීමේදී ඒ කටයුතු එලෙසම පවත්වා ගෙන යෑම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සදහන් කළා.