News Line| Off Air
Generic placeholder image

Mar
23

ලොව පුරා කොරෝනා මරණ 14000 ඉක්මවයි – ආසාධිතයින් තුන් ලක්ෂ තිස්දහස ඉක්මවයි

1334 Views


ලොව පුරා කොරෝනා මරණ 14000 ඉක්මවයි – ආසාධිතයින් තුන් ලක්ෂ තිස්දහස ඉක්මවයි

නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට 14,611ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉතාලියේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 5476 ක්.

මේ අතර අමෙරිකානු සෙනෙට් සභිකයෙක්ද වෛරසයට ගොදුරුවී ඇති බව ඊයේ නිවේදනය කළා.

රටවල් 190 ක පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසයෙන් අද වන විට මරණ 14,611 ක් වාර්තා වී ඇති අතර ලොව පුරා ආසාදිතයන් ගණන තුන් ලක්ෂ තිස්හය දහස ඉක්මවනවා.

මෙම වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 97,636 ක්.

වෛරසය මේ වන විට යුරෝපා කලාපයේ සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති අතර එහි බලපෑමට වැඩියෙන්ම ගොදුරුවී තිබෙන්නේ ඉතාලියයි.

පසුගිය පැය 24 තුලදී අලුතින් වාර්තාවූ මරණ 651ත් සමගින් එරට සමස්ත මරණ සංඛ්‍යාව 5476 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සමස්ත ආසාදිතයන් ගණන හැට දහසකට ආසන්නයි.

කෙසේ වෙතත් පසුගිය දිනට සාපේක්ෂව දිනක් තුළ වැඩිවූ මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙනවා.

මරණ 3,456 ක්ම වාර්තාවී තිබෙන්නේ වෛරසයෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇති ලොම්බාඩි කලාපයෙන්.

මෙවන් පසුබිමක් තුළ රුසියාව සහ කියුබාව වෛද්‍යාධාර සහ සෞඛ්‍ය සේවක කණ්ඩායම් ඉතාලියට යැවීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post