News Line| Off Air
Generic placeholder image

Mar
23

බොරතෙල් නැවක් කොළඹ වරායට පැමිණෙයි

880 Views


බොරතෙල් නැවක් කොළඹ වරායට පැමිණෙයි

කිසිඳු බොරතෙල් හිඟයක් නොමැති පසුබිමක ඊයේ(22) බොරතෙල් නැවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ජනතාවට අවශ්‍ය ගෑස් ලබාදීමට ගෑස් ටැංකි පිරවීමට ලිට්රෝ ගෑස් සමාගම කටයුතු කරමින් සිටිනවා.

ලාෆ්ස් ගෑස් සමාගමද පවසන්නේ හිඟයකින් තොරව ගෑස් වෙළෙඳපොළට සැපයිය හැකි බවයි.

මේ අතර බේකරි ආහාර බෙදාහරින ජංගම වෙළෙඳුන් හෙවත් චූන් පාන් වෙළෙඳුන් හට නිවෙස්වලටම ගොස් ආහාර විකිණීමට රජය දැඩි කොන්දේසි මත අද සිට අවසර දී තිබෙනවා.

මේවන විට දිවයිනේ ලියාපංදිචි බේකරි සංඛ්‍යා 7000ක්.

ආහාර සැපයීමට පෙර අදාල වෙළෙන්දා විෂබීජ නාශක දියර වලින් අතසේදීම අනිවාර්ය වන අතර එය මිලදී ගන්නා පාරිභෝගිකයාද මුදල් ගනුදෙනුවෙන් පසුව කඩිනමින් සබන් හෝ විෂබීජ නාශක දියර යොදා අත සේදිය යුතු බව රජය නිවේදනය කරනවා.

කෙසේවෙතත් මෙම වැඩපිළිවෙළ දියත් වන්නේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරින්ගේ පරික්ෂාව යටතේයි.


News Articles
Latest Videos
Most Popular Post