ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන මඟින් අද(23) උදෑසන 6 වන විට පුද්ගලයින් 1754 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 2020.03.20 වන දින පස්වරු 6 සිට පනවන ලද ඇඳිරි නීතිය අද උදෑසන 6 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වුණා.
එහිදී අත්අඩංගුවට පත් පිරිස සහ යතුරු පැදි, ත්‍රීරෝද රථ ඇතුළු අනෙකුත් වාහන 447 ක් ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.
මින් වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත්තේ මාර්ගයේ නිකරුනේ ගැවසීම සම්බන්ධයෙන්.
මීට අමතරව, ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් රැස්ව මත්පැන් පානය , වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, බීමත්ව මාර්ගයේ අසෝබන ලෙස හැසිරීම හා වෙළඳාම් කිරීම ද මීට අයත්.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිලිබද අදාළ පොලිස් ස්ථාන මඟින් නීතිමය කටයුතු සිදු කරනු ඇති.