News Line| Off Air
Generic placeholder image

Mar
24

දිවයිනේ සියළුම ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට පියවර

2192 Views


දිවයිනේ සියළුම ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට පියවර

ඇදිරි නීතිය පැවතියද දිවයිනේ සියළුම ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බව සදහන්.

මෙහිදී රෝගියාගේ රෝග විනිශ්චය හා ඖෂධ වට්ටොරුව ඇදිරිනීති අවසර පතක් ලෙස සළකන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා.

එමෙන්ම ඖෂධ සැල්වල සේවය කරන සේවකයින්ට සහ ඖෂධ ප්‍රවාහනය කරන වාහන සදහා අවසරය ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post