News Line| Off Air
Generic placeholder image

Mar
24

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට පක්ෂ නායකයින්ගේ සහය ලබාගැනීමට පියවර

728 Views


කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට පක්ෂ නායකයින්ගේ සහය ලබාගැනීමට පියවර

රජයේ උපදෙස් පරිදි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමේ වැඩපිළිවෙලට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ සහය ලබාගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, පක්ෂ නායකයන් සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (24) පැවති හමුවේදියි.

එම හමුවේ දී පක්ෂ නායකයින්ගේන් ඉදිරිපත් වුණු අදහස් සලකා බලා අග්‍රාමාත්‍යවරයා ‌මෙම තීරණය ගත් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post