රටතුළ උද්ගත වී ඇති තත්වය සැළකිල්ලට ගනිමින් පාරිහෝගිකයන් වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අලෙවි කිරිමේ කටයුතු අද (25) දිනයේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබෙනවා.
සමූපකාර තොග වෙළඳ සංස්ථාව ලංකා සතොස එක්ව මෙම ආහාර ද්‍රව්‍ය සැපයීමේ වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙම කටයුතු සම්බන්ධීකරණය හා මෙහෙය වීම පිණීස විශේෂ මෙහෙයුම් ඒකකයක් ද පිහිටුවා තිබෙනවා.
මෙම වැඩපිළිවෙල බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්යය සාධක බලකාය මඟින් සිදුකරනු ලබයි.