News Line| Off Air
Generic placeholder image

Mar
25

කෙරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේ දී මිය යයි

803 Views


කෙරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේ දී මිය යයි

කෙරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේ දී මිය ගොස් ඇතැයි ද වාර්තා වෙනවා.

කෙසේ වෙතත් අදාළ වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගියේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කල අතර මෙම ශ්‍රී ලාංකිකයින් 40ත් 50ත් අතර පිරිසක් ඉතාලිය තුල ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා..


News Articles
Latest Videos
Most Popular Post