ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අමෙරිකාව කොරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇතැයි ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඊට හේතු වන්නේ අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යෑමයි.
එනම් යුරෝපයේ හා අමෙරිකාවේ ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය 85% ක් වන අතර ඉන් 40 % ක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්ය. මේ වනවිට අමෙරිකාවෙන් කොරෝනා අසාදිතයින් 53,609 වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යාව 658 කි.