රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබෙනවා.
“පික් මී” ආයතනය සමඟ එක්ව මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව ලංකා සතොස සභාපති නුශාඩ් එම්. පෙරේරා මහතා සඳහන් කළා.
කොළඹ නගරය ආශ්‍රිතව අද (25) දිනයේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ අතර හෙට (26) දිනයේ සිට එම වැඩපිළිවෙල අනෙක් පළාත්වලද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරඇති බව නුශාඩ් එම්. පෙරේරා මහතා පැවසුවා.
මේ අතර ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද කොළඹ මැනිං වෙළඳපොලේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
අදාල වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කොළඹ මැනිං පොදු වෙළඳ සමිතියේ සභාපති රනිල් හෙට්ටිගේ මහතා පැවසුවේ හෙට දිනයේ පුරුදු පරිදි තොග වෙළදාම් කටයුතු සිදු කරන බවයි.