News Line| Off Air
Generic placeholder image

Mar
25

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

4141 Views


ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත් වෙනු ඇති.

පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු 27 වන සිකුරාදා පෙරවරු 6.00ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

සෙසු දිස්ත්‍රික්ක වලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය හෙට (26) පෙරවරු 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු හා අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

මාධ්‍ය සේවා සඳහා මෙන්ම සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලබන අතර ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපළ හා වරාය සේවා පවත්වාගෙන යාමට ද අවසර ලබා දී තිබෙනවා.

කෘෂිකර්ම සහ වෙළෙඳ විෂය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළ යුතු බව රජය දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post