News Line| Off Air
Generic placeholder image

Mar
27

දිස්ත්‍රික්ක 5ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

2828 Views


දිස්ත්‍රික්ක 5ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යලි ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබෙනවා.

එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු මස 30 වන සඳුදා පෙරවරු 06.00ට යලි තාවකාලිකව ඉවත් කර එදිනම පස්වරු 02.00ට යළි පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා.

මේ අතර කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට සහ යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය යළි දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ පස්වරු 02.00 සිට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය ලබන 30 වන සඳුදා පෙරවරු 06.00ට ලිහිල් කිරිමට නියමිතයි.

මේ අතර කොරෝනා වෛරසය රට තුළ ව්‍යාතිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ප්‍රකාශයට පත් කළ නිවසේ සිට වැඩකරන කාලය තවදුරටත් දීර්ඝ කරතිබෙනවා.. පසුගිය 20 වනදා සිට අද දිනය දක්වා නිවසේ සිට වැඩ කිරිමේ කාලයක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබූ අතර එය ඉදිරි සතිය තුළ ද එනම් ලබන 30 වනදා සිට අප්‍රේල් මස 03 වනදා දක්වා ක්‍රියාත්මක කිරිමට ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post