මේ වන විට රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙනවා.
ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිසයි.
ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර කාර්ය සාධක බලකාය සියලු විධිවිධාන සලසා තිබෙනවා.
ඇඳිරි නීති කාලය තුළ කිසිවකු සිය අභිමතයට මාර්ගවලට පැමිණීම නොකළ යුතුයි.
කාර්ය සාධක බලකාය විසින් අවසර දී ඇති ඩිලිවරි වාහන පමණක් මාර්ග වල ධාවනය කිරීමට හැකි වන අතර අන් කිසිඳු වාහනයක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය නොකළ යුතුයි.
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙනයාම මුළුමනින් තහනම් වනවා.
කුමන දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ, කුඩා තේ වතු ඇතුළු වැවිලි වගා වැඩ සහ ධීවර කර්මාන්තයට අවසර ලබා දී තිබෙනවා.
පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කළ යුතු බව සදහන්.