News Line| Off Air
Generic placeholder image

Mar
28

ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්

801 Views


ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්

ඇඳිරි නීති සමය තුළ එළවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපල ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සදහා අවශ්‍ය අවසර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන් වෙත ලබාදීම සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා එම ක්‍රියාමාර්ගය ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.

එසේම ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී සිදුවන අපහසුතා සහ අවහිරතා පිළිබඳ අග්‍රාමාත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානය යොමුකර තිබෙනවා.

කෙසේවුවද ඇඳිරි නීති සමය තුළ ඇදිරි නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත්තේ.

මාරාන්තික කොරෝනා වෛරසය මැඩලීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දක්වන ලෙස අග්‍රාමාත්‍යවරයා මහජනතාවගෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post