News Line| Off Air
Generic placeholder image

Mar
29

තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

772 Views


තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබෙනවා.

මේ අතර කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය ඊයේ(28) රාත්‍රියේ වාර්තා වුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බවයි.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති නව කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 115 ක්.

මෙරටදී කොරෝනා වැළඳුණු පළමු ආසාදිතයා ඉකුත් මාර්තු 11 වැනිදා හඳුනාගැනුණු අතර අද පෙරවරු 11.30 වන විට නව කොරෝනා ආසාදිතයන් 115 දෙනකු හඳුනාගැනුණා.

මේ වන විට වෛරසය ආසාදිතව පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ගණන 10 ක්.

කොරෝනා වැළඳුණු 104 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තවත් 199 දෙනකු සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.


News Articles
Latest Videos
Most Popular Post