News Line| Off Air
Generic placeholder image

Mar
29

පාස්කු ප්‍රහාරයේ සියොන් දේවස්ථානයේ ප්‍රහාරය මෙහෙයවූ සැකකරු අත්අඩංගුවට

1268 Views


පාස්කු ප්‍රහාරයේ සියොන් දේවස්ථානයේ ප්‍රහාරය මෙහෙයවූ සැකකරු අත්අඩංගුවට

ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී (29) එක් සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියොන් දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරය සිදුකළ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ද මෙම පුද්ගලයා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැකකරුවන් 31 දෙනෙක් සහ පොලිස් ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාෂය භාරයේ සැකකරුවන් 60 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරිම සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post