අප්‍රේල් මස 2 සහ 3 යන දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
මෙම දින දෙක තුළදී ගෙවීම් ලබා ගැනීමට නොහැකි වන අයට අප්‍රේල් මස 6 වනදා වන විට අදාල ගෙවීම් සිදුකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි එම කාර්යාලය පැවසුවේ.
අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද පැවති අතර එහිදී මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළා.
ඒ අනුව තැපැල් කාර්යාල මගින් හා අදාල බැංකු ගිණුම් මගින් විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර තැපැල් කාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාමලාභීන්ට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ග්‍රාම සේවා වසම තුළට තැපැල් දෙපාර්තමේන්තුව මගින් ගෙනැවිත් භාරදීමට නියමිතයි.
බැංකු ගිණුම් මගින් විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාමිකයින්ගේ මුදල් අදාල බැංකු ගිණුම් වෙත අප්‍රේල් 2 හෝ 3 යන දිනවලදී බැර කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළා.
බැංකු ගිණුම් හරහා විශ්‍රාම වැටුප් ලබාගැනීමට බලාපොරොත්තු වන විශ්‍රාමිකයන්ට ග්‍රාම නිලධාරීවරයා සහ ත්‍රිවිධ හමුදාව හෝ පොලිසිය මගින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයනු ඇති.
කෙසේවෙතත් ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දිය යුතු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.
සෑම බැංකුවක්ම අවම වශයෙන් එක් ශාඛාවක් හෝ මෙම දිනවල විවෘත කර තැබීමට රාජ්‍ය හා පෞද්ගලික බැංකුකරුවන්ද එකඟතාව පලකර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.