News Line| Off Air
Generic placeholder image

Mar
29

හෙට ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සියලු වෙළඳසැල් හිමියන්ට හමුදාපතිගෙන් ඉල්ලීමක්

1688 Views


හෙට ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සියලු වෙළඳසැල් හිමියන්ට හමුදාපතිගෙන් ඉල්ලීමක්

හෙට(30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ‍ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳසැල් විවෘත කරන්නැයි යුද හමුදාපති ශ‍වේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා.

එමගින් මහජනතාවට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා කර දෙන ලෙසයි වෙළඳ සැල් හිමියන්ට හමුදාපතිවරයා විසින් දැනුම් දෙනු ලබන්නේ.

පාරිභෝගියන්ට ලබා දිය හැකි සියලු ‍දෑ ඔවුන් වෙනුවෙන් ලබා දෙන ලෙසත් මහජනතාව‍ වෙළඳ සැලට ඇතුළු වීමේදී සමාජ දුරස්ථභාවය රඳවා ගනිමින් අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බවත් හමුදාපතිවරයා අවධාරණය කළා.

‍එකම ස්ථානයකට රැස් නොවී හැකි සෑම ස්ථානයකට ජනතාවට බෙදී යන ලෙසත් දැනුම් දෙන යුද හමුදාපතිවරයා මෙම තත්ත්වය ඉතා භයානක බවත් ඇඳිරි නීතිය ළිහිල් කර ඇති කාලය අවභාවිතා නොකර සියලු දෙනා කටයුතු කරන ලෙසත් ජනතාවට දැනුම් දෙනවා.

නොදැනුවත්ව වෛරසය ආසාදනය වු පුද්ගලයින් අසල සිටිය හැකි බැවින් ඉතා කල්පනාකාරීව තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්නා ‍ලෙසත් සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන සියලු දෙනා කටයුතු කිරීම සමාජ වගකීමක් බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post