News Line| Off Air
Generic placeholder image

Mar
31

දිස්ත්‍රික්ක 6ක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදේ තාවකාලිකව ඉවතට

2099 Views


දිස්ත්‍රික්ක 6ක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදේ තාවකාලිකව ඉවතට

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සෙසු දිස්ත්‍රික්ක 19 සඳහා පනවා තිබූ ඇදිරි නීතිය ඊයේ උදෑසන 06.00 ට ඉවත් කෙරුණු අතර එය යළි පස්වරු 02.00 සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත්තේය.

කෙසේවෙතත් එම දිස්ත්‍රික්ක 19 ට ක්‍රියාත්මක ඇදිරි නීතිය අප්‍රේල් මස පළමු වනදා උදෑසන 06.00 ට ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ඒ අනුව යළිත් වරක් එම දිස්ත්‍රික්කවලට එදින පස්වරු 02.00 සිට යළි ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනා ගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර මෙය අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මකයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් කටයුතු සිදුකරන පුද්ගලයින්ට, කුඩා තේ වතු හා අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරතව සිටින පුද්ගලයින් හට එම කටයුතු සිදුකිරීම සඳහා අවසර හිමිවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ අටළුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ යන ගම්මාන හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති අතර කිසිඳු පුද්ගලයෙකුට එම ගම්මාන දෙකට ඇතුළු වීම හෝ ඉන් පිටවීම නැවත දැනුම් දෙන තුරු තහනම් බව ද ඔවුන් වැඩිදුරටත් පැවසුවේය.


News Articles
Latest Videos
Most Popular Post