News Line| Off Air
Generic placeholder image

Mar
31

ඊයේ දිනය තුල වැඩිම කොරෝනා මරණ ගණන ස්පාඤ්ඤයෙන්

1290 Views


ඊයේ දිනය තුල වැඩිම කොරෝනා මරණ ගණන ස්පාඤ්ඤයෙන්

ගතවූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤයෙන් වන අතර ඒ අනුව මරණ 913ක් වාර්තා වී ඇති බව සඳහන් වෙයි.ඉතාලියෙන් ද මරණ 812ක් වාර්තා වී තිබුණ ද පසුගිය දින කිහිපය සැලකිල්ලට ගැනීමේ දී එරටින් පැය 24ක කාලයක් තුළ වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව එය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අද වන විට ලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් හත්ලක්ෂ 84,381 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 37,780ක් වෙයි.

මේ අතර අමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවේ දෙගුණය ද ඉක්මවා තිබේ.


News Articles
Latest Videos
Most Popular Post