News Line| Off Air
Generic placeholder image

Mar
31

කො‍රෝනා නිසා මිය ගිය දෙවන පුද්ගලයා අවසන් කටයුතු ඊයේ මැදියම් රැයේ සිදුකෙරේ

711 Views


කො‍රෝනා නිසා මිය ගිය දෙවන පුද්ගලයා අවසන් කටයුතු ඊයේ මැදියම් රැයේ සිදුකෙරේ

කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ(30) මධ්‍යම රාත්‍රීයේ සිදුකර තිබේ. මීගමුව මහනගර සභාවට අයත් පොදු සුසාන භුමියේ දි ඔහුගේ දේහය අදාහනය කළ බව අප වාර්තාකරු පැවසුවා.

මෙම අවස්ථාව සඳහා මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ප්‍රධානීන් , මීගමුව කොච්චකඩේ පොලිස් ස්ථානයේ නිලධාරින් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු එක්ව සිට තිබේ. නිරෝධායන පනතට අනුව ඥාතීන් දෙදෙනෙකුට පමණක් අවසන් කටයුතු සඳහා සහභාගි විය හැකි අතර එහෙත් ඔහුගේ සිදුකරන අවස්ථාවට කිසිදු ඥාතියෙකු පැමිණ නොසිටි බව වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post