News Line| Off Air
Generic placeholder image

Mar
31

ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කෙරේ

1350 Views


ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම  තාවකාලිකව සීමා කෙරේ

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇති බව විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. තෝරාගත් පාර්ශව කිහිපයක් සඳහා පමණක් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළා.

මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේය.

‍මේ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන කටයුතු සඳහා ලියාපදිංචි වී නොමැති පුද්ගලයින්ට අප්‍රේල් මස පළමු වනදා දහවල් 12.00 දක්වා පමණක් කාලය ලබාදීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post