News Line| Off Air
Generic placeholder image

Mar
31

ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 7358 ක් අත්අඩංගුවට

637 Views


ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 7358 ක් අත්අඩංගුවට

ඇදිරි නීතිය උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 7358 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කළා.

පසුගිය 20 වන දින සිට අද (31) පෙරවරු 6 දක්වා කාලය තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

එම කාලය තුළ පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 1643ක් බව පොලිස් මුලස්ථානය පැවසුවා.

ඊයේ උදෑසන 6 සිට අද පෙරවරු 6 දක්වා ගතවු පැය 24 ක කාලය තුළ පමණක් ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 508 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදි පොලිස් භාරයටගෙන ඇති රථවාහන සංඛ්‍යාව 125ක් බවයි පොලිස් මුලස්ථානය සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post