News Line| Off Air
Generic placeholder image

Mar
31

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

2872 Views


රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් විශේෂ  නිවේදනයක්

පවතින තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත බලය පැවරීමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

එමෙන්ම ඖෂධ නිවෙස්වලටම බෙදාහැරීමේ වැඩසටහන යටතේ ප්‍රදේශ කිහිපයක රෝගී ජනතාව වෙත ඖෂධ ගෙන ගොස් භාරදීමද මේ වනවිට ක්‍රියාත්මකයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පවතින තත්වය යටතේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත බලය පවරන බවයි.

එමෙන්ම ඒ ඒ දිස්ත්‍රික්කයේ සේවාවන් සැපයීමට විධායක මට්ටමේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් සහායක නිලධාරී කණ්ඩායමක් පත්කර ගන්නා ලෙසත් , ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සෑම නිවසකටම බෙදාහැරීම සදහා රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාරික ආයතන මෙන්ම සුපිරි වෙළදසැල් වල ජංගම සේවාවන් සංවිධානය කරන ලෙසත් එහි සදහන්.

අත්‍යාවශ්‍ය සේවාවන්ට සහභාගි වන තොග සහ සිල්ලර වෙළෙන්දන්ට අවශ්‍ය කරන ඇඳිරි නීති බලපත්‍ර ලබාදීමට අදාල පොලිස් ස්ථාන වෙත නිර්දේශ නිකුත් කරන ලෙසද රාජ්‍ය පරිපාලන ලේකම්වරයා‍ සිය නිවේදනයෙන් පවසයි.

ගම් මට්ටමේ සේවාවන් සපයන ග්‍රාම නිළධාරි ,පවුල් සෞඛ්‍ය සේවිකා,ආර්ථික සංවර්ධන නිළධාරී,සමෘද්ධි නිළධාරී,කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වැනි නිළධාරීන්ට අදාල ගම්මාන තුළ ගමන් කිරීමට අවසර දෙන ලෙස සදහන් කරන ලේකම්වරයා කියා සිටින්නේ අත්‍යාවශ්‍ය සේවාවන් වල නිරත පුද්ගලයින් හට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට සෑම ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයකම අවම වශයෙන් එක් ඉන්ධන හලක් හෝ විවෘත කර තබන ලෙසයි


News Articles
Latest Videos
Most Popular Post