බේරුවල චීනකොටුව ප්‍රදේශයේ නිවසක ස්වයං නිරෝධායනයට ලක්කර සිටි එකම පවුලේ සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව අද තහවුරු වුණා.
ඒ ඊයේ කළුතර පන්විල ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා අසාධිතයාගේ මව පියා බිරිඳ සහා අවුරුද්දයි මාස 08ක් වයසැති බිළිදා වන අතර ඔවුන් අද ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කෙරුණා.
අද කොරෝනා රෝගීන් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් තිබෙනවා.