News Line| Off Air
Generic placeholder image

Apr
1

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දිවයිනේ සියලුම විහාරස්ථාන වෙත ඉල්ලීමක් කරයි

656 Views


මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දිවයිනේ සියලුම විහාරස්ථාන වෙත ඉල්ලීමක් කරයි

පවතින වසංගත තත්ත්වයෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා අද(01) සිට සතියක කාලයක් පිරිත් සජ්ඣායනා කර රටටත් ජනතාවටත් ආශිර්වාද කරන්නැයි මල්වතු අස්ගිරි මහනාහිමිවරු ප්‍රමුඛ මහාසංඝරත්නය දිවයිනේ සියලු විහාරස්ථානවලින් ඉල්ලීමක් සිදු කරයි.

එමෙන්ම රජයේ උපදෙස් පිළිපදිමින් නිවසේ සිටම මෙම ආධ්‍යාත්මික වැඩසටහන සමඟ සම්බන්ධවන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද සිට අප්‍රේල් 07 වැනිදා තෙක් සතියක කාලයක් රාත්‍රී 7 සිට 8 දක්වා පැයක්, ජනතාවට ආශිර්වාද කිරීම සඳහා එක්වන්නැයි නිවේදනයක් නිකුත් කරමින් මහනාහිමිවරු ප්‍රමුඛ ස්වාමීන් වහන්සේ සියලු විහාරස්ථානවලින් ඉල්ලා සිටියි.

සියලු විහාරස්ථානවල ඝන්ඨාර නාද කර, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පන්සිල් සමාදන් කර, බුද්ධ වන්දනාව සිදුකර රතන සූත්‍රය හා ගිරිමානන්ද සූත්‍රය ඇතුළුව පිරිත් දේශනා කර ජනතාවට සෙත් පතා සියලු විහාරස්ථානවල එකම වේලාවක එනම් රාත්‍රී 7.55ට සත්‍ය ක්‍රියා කරන ලෙස එහි දැක්වෙයි.

මේ අතර පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, ගිහි ජනතාව ද රජය විසින් ලබාදෙන නිවේදන අකුරටම පිළිපදිමින් නීතිගරුකව සිය නිවෙස්වල සිට මේ උතුම් ක්‍රියාවට සම්බන්ධවන ලෙසයි


News Articles
Latest Videos
Most Popular Post