News Line| Off Air
Generic placeholder image

Apr
1

අධ්‍යාපනය කටයුතුවලට ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කෙරේ

816 Views


අධ්‍යාපනය කටයුතුවලට ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කෙරේ

මෙරට අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනුව අදාල කාර්යය සාධක බලකාය ස්ථාපනය කර ඇති අතර ඊට අදාල ගැසට් නිවේදනය ද ඊයේ ප්‍රකාශයට පත් කර තිබුණි.

මේ වන විට උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්ත්වයන් හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය කිසිදු අයුරකින් පසුබෑමකට ලක් නොවී අඛණ්ඩව ඉදිරියට පත්වාගෙන යමේ ක්‍රමවේදයන් යොදා ගැනිමේ අවශ්‍යතාවය අවධානයට ලක්කරමින් මෙම අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කර ඇති බව සඳහන්.

එමෙන්ම මෙරට ප්‍රාථමික, ද්වීතීයික හා තෘතීයික අධ්‍යාපන ක්ෂේත්‍රයන් කාලීන අවශ්‍යතාවයන්ට උචිතවනසේ නවීකරණය කිරිමද මෙම කාර්යය සාධක බලකාය ස්ථාපිත කිරිමේ අරමුණ වී තිබේ.

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.ඒ.ආර්.බී දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුතු කාර්යය සාධක බලකාය සඳහා සාමාජිකයින් 26 දෙනෙකු පත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් විත්‍රානන්ද, නිපුනතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.එම් අබේගුණවර්ධන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුවන් එහි සෙසු සාමාජිකයින් අතර වෙයි.

මීට අමතරව ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම් කීර්තිරත්න, විශාකා විද්‍යාලයේ විදුහල්පති සඳමාලි අවිරුප්පොල, ගේට්වේ පාසල් සමූහයේ සභාපති වෛද්‍ය හර්ෂ අලස් යන මහත්ම මහත්මීන් මෙන්ම විශ්වවිද්‍යාල උපකුලපතිවරු පිරිසක් ද එම කාර්යය සාධක බලකායේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post