News Line| Off Air
Generic placeholder image

Apr
1

සමෘද්ධි අත්තිකාරම් මුදල ලබන 10 වනදාට ‌පෙර

587 Views


සමෘද්ධි අත්තිකාරම් මුදල ලබන 10 වනදාට ‌පෙර

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය වලක්වා ගැනිමේ අරමුණින් රජය විසින් සමෘද්ධිලාභීන්ට ලබා දෙනු ලබන රුපියල් 10,000ක අත්තිකාරම් මුදල ලබන 10 වන දිනට පෙර ලබාදී අවසන් කිරිමට අපේක්ෂා කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී බන්දුල තිලකසිරි මහතා කියා සිටියේ, මෙම අත්තිකාරම් මුදල අදියර දෙකක් යටතේ ලබාදීමට කටයුතු කර ඇති බවයි.

එහි පළමු අදියර යටතේ රුපියල් 5000ක දිමනාමක් සමෘද්ධිලාභින් සදහා මේ වන විටත් ලබාදීමට පියවර ගෙන ඇති බව සදහන්.

සමෘද්ධි ප්‍රතිලාභි පවුල් ලක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවකට මේ යටතේ සහන සැලසෙන අතර ඒ සදහා රුපියල් මිලියන 20,000ක මුදල් වෙන් කර තිබේ.

මෙම සහන මුදල සදහා කිසිදු පොලියක් අය කර නොගන්නා අතර එම මුදල නැවත ගෙවීම සදහා මාස 18ක කාලයක් හිමිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post