කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යයන්තර වශයෙන් ලෝක සමුළුවක් කැදවන ලෙස කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.
රජය විසින් ලබාදිය හැකි උපරිම සහන ජනතාවට ලබාදීමටද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ වන විට පැවැත්වෙන කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කළා.
එහිදී රජයේ සේවකයන් හැර විවිධ සමාජ කණ්ඩායම් වල සිටින හතලිස් ලක්ෂයකට වැඩි පිරිසකට අවම වශයෙන් රුපියල් 5000 දීමනාව ලබාදීමට ජනපති ගත් තීරණය සම්බන්ධයෙන් වන යෝජනාව පිලිබද කැබිනට් මණ්ඩලයේ විශේෂ අවධානය යොමුව ඇති බව සදහන්.