News Line| Off Air| Games
Generic placeholder image

Apr
2

බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ සේවකයින් 36,000කගේ සේවය අත්හිටුවීමට තීරණය කරයි

971 Views


බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ සේවකයින් 36,000කගේ සේවය අත්හිටුවීමට තීරණය කරයි

කොරෝනා වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ සේවකයින් 36,000කගේ සේවය අත්හිටුවිමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුනියන් සංගමය හා ගුවන් සමාගම අතර දින 10ක පමණ පැවතී සාකච්ඡා වලින් අනතුරුව එහි කැබ්න් කාර්ය මණඩලයේ සහ ඉංජිනේරුවරු මෙන්න ප්‍රධාන කාර්යාලයේ සේවක මණ්ඩලයෙන් 80%ක් පමණ සේවකයන්ගේ සේවය මෙලෙස අත්හිටුවිමට තීරණය කර ඇති අතර නමුත් ඔවුන් සදහා එරට රජයෙන් ඔවුන් ලැබු වැටුපෙන් 80%ක මුදලක් මසකට පවුම් 2500ක සීමාවකට යටත්ව ලබා දිමට අපේක්ෂා කරන බවත් විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

පසුගිය දින කොරෝනා වෙෙරසය හේතුවෙන් බ්‍රිතාන්‍යට එල්ල වු දැඩ් බලපෑම හමුවේ ගුවන් තොටුපල වෙත සහ ඉන් පිටතට යන සියලු ගුවන් ගමන් කපා හැරිමක් සිදු කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


News Articles
Latest Videos
Most Popular Post