ලොව ආසාදිතයින් වාර්තාවීම අතින් අමෙරිකාව ඉදිරියෙන් සිටිනවා.
ඒ අනුව අමෙරිකාවේ ආසාදිතයින් 244,877 ද ඉතාලියෙන් ආසාදිතයන් 115,242 ක්, ස්පාඤ්ඤයෙන් 112,065 ක්, ජර්මනියෙන් 84,794 ක්, චීනයෙන් 81,589ක්, ඉරානයෙන් 50,468 ක්, ප්‍රංශයෙන් 59,105 ක් සහ එක්සත් රාජධානියෙන් 33,718 ක් හඳුනාගෙන තිබෙනවා.
නව කොරෝනා වෛරසය අසාදිතවීමෙන් ඉතාලිය තුළ වාර්තාවු මරණ සංඛ්‍යාව මේ වන විට 13,915 ක් වන අතර ගතවු පැය 24 ක කාලය තුළ වාර්තා වු මරණ සංඛ්‍යාව 760 ක්.
ගතවූ පැය 24 තුලදී ස්පාඤ්ඤයෙන් නව මරණ 961 ක් වාර්තාවීම එරට මුහුණ පා සිටින අවදානම් තත්වයද පෙන්නුම් කරනවා.
ලොව කොරෝනා වෛරස ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තාවු රට බවට පත්ව ඇති අමෙරිකාව තුළ වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 6070 ඉක්මවා තිබෙනවා. ගත වූ පැය 24 තුළ එරටින් මරණ 968 ක් වාර්තා වී තිබුණා.
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරටත් නව කොරෝනා වෛරසය සඳහා වන රෝග පරික්ෂාවට මුහුණ දී ඇති අතර එයින්ද ඔහු සමත් වී තිබෙනවා.
වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති මැදපෙරදිග රාජ්‍යය වන ඉරානයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,160 ක්.
වෛරස වසංගතය අතරතුර ඉරාන රජයේ හැකර්වරු ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්ය මණ්ඩලයේ පුද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම් වලට ඇතුල් වීමට උත්සාහ කර ඇති බවට පුවතක්ද ඊයේ දිනයේ විදෙස් මාධ්‍ය වාර්තා කළා.
චීනයෙන් මරණ 3,318 ක් වාර්තා වුවත් තවදුරටත් එරටින් නව කොරෝනා ආසාදිතයන් හමුවීම අවම තත්ත්වයක පවතිනවා.
චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිර ගිය නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් සහ කලාප 204 ක පැතිර ගොස් ඇති අතර මේ වන විට ලොව පුරා මරණ සංඛ්‍යාව 53 000 කට අධිකයි.
හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව මිලියනයද ඉක්මවා ගොස් තිබෙනවා.
වෛරසයෙන් පූර්ණ සුවය ලබා සිටින්නේ ආසාදිතයින් 212,018 දෙනකු පමණයි.