ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට අද(03) දක්වා පුද්ගලයින් 11607 දෙනෙක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී වාහන 2878 ක් ද පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.
මේ අතර අද උදෑසන 6 සිට අද සවස 6 දක්වා පමණක් පුද්ගලයින් 588 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී වාහන ද 151 ක් අත්අඩංගුවට ගත් බව සදහන්.