News Line| Off Air
Generic placeholder image

Apr
4

මෙරට 05 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

779 Views


මෙරට 05 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

මෙරට පස්වන කොරෝනා මරණයත් වාර්තා වු බව වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළා.

ඒ වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙක් වන අතර නිව්මෝනියා තත්ත්වය උත්සන්න විමෙන් මොහු මිය ගොස් තිබෙනවා.

තවද මොහු ඉතාලියේ සිට පැමිණ හෝමගම පදිංචි පුද්ගලයෙක් බවත් වෙන කිසිදු රෝගයක් ඔහුට නොතිබු බවත් අනිල් ජාසිංහ මහතා පැවසුවා.

තවදුරටත් ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් 159ක් සිටින බවත් ඉන් රෝහල් ගතවී 125ක් ප්‍රතිකාර ලබන බවත් ජාතික බෝවන රෝග විද්‍යායතනය තහවුරු කරනවා.

ඒ අනුව මෙරට කොරෝනා වැළදිමෙන් මේ වන විට පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post