News Line| Off Air
Generic placeholder image

Apr
4

විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ ගැටලු විසදීමට හෙට සිට විශේෂ සේවාවක්

816 Views


විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ ගැටලු විසදීමට හෙට සිට විශේෂ සේවාවක්

විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාවක් හෙට (05) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම), ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො) හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,ඒකාබද්ධව මෙම සේවාව ක්‍රියාවට නංවනු ඇති.

දැනටමත් ක්‍රියාත්මක විදුලි සේවා බිදවැටුම් හා ජල සේවා බිදවැටුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාව හරහා පාරිභෝගික පරිශ්‍ර තුල පිහිටි අභ්‍යන්තර විදුලි හා ජල සේවා පද්ධතිවල වල දෝෂ අලුත්වැඩියා කර ගැනීම සදහා පාරිභෝගිකයින්ට එම ගැටළු ඉදිරිපත් කිරීමට මේ යටතේ පහසුකම් සළසා තිබෙනවා.

ඒ අනුව ජලනල කාර්මිකයෙකුගේ සේවය ලබා ගැනීම සදහා 1939 අංකයත් අභ්‍යයන්තර විදුලි පද්ධතියේ දෝෂයක් ඇති වූ විට 1987 අංකයත්, විදුලි පුද්ගලික සමාගමේ පාරිභෝගිකයන්ට 1910 අංකයත් අමතා සහය ලබාගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post